දුම්රිය වර්ජනය පැවැති දින දෙක තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 10කට ආසන්න ආදායමක් අහිමි වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය දිනක මගී ප්‍රවාහන ප්‍රවේශපත් ආදායම පමණක් කෝටි 4ක් පමණ වන බවත් භාණ්ඩ ප්‍රවාහනය ඇතුලු සෙසු ආදායමත් එකතු කළ පසු දෛනික ආදායම කෝටි 5ක් පමණ වන බවයි වාර්තාවේ.

දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයත් සමග ප්‍රවේශපත් නිකුත් නොකිරීම නිසා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් වර්ජනය පැවැති දිනවල ධාවන කළ දුම්රිය වල මගීන්ගෙන් ප්‍රවේශපත් ගාස්තුවක් නොලැබුණු බවත් මේ හේතුවෙන් මෙම අදායම සම්පූර්නයෙන්ම අහිමි වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

.