වරාය තුළ අද ආරම්‍භ කිරීමට නියමිත ව තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සදහන් කර ඇත.

2024, 2026 වැටුප් වැඩි කිරීමේ ඉල්ලීමක් මුල් කරගනිමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය අද දිනයේ සංකේත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබිණි.

වරාය පාලනාධිකාරිය විසින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගනු ලැබූ වාරණ නියෝගයක් මත සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සදහන් කරයි.