ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ වව්නියාව ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව තිබෙනවා

එම භූකම්පන​යේ ප්‍රබලත්වය  රික්ටර් මාපකයේ ඒකක 2.3 ලෙස සටහන් වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි

වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශ වලට මෙම භූකම්පනය දැනී ඇති අතර මෙම භූකම්පනය පල්ලකැලේ, මහකනදරාව සහ හක්මන යන භූකම්පන මධ්‍යස්ථානවල සටහන් ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසා සිටියා