2023 වසරේ අයි.සී.සී. එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අද සමත් විය.

ඇය මෙවර අයි.සී.සී එක්දින හා විස්සයි-20 කාන්තා කණ්ඩායම්වල නායිකාව ලෙසද මීට පෙර නම් කෙරිණි.

2023 වසරේදී චමරි අතපත්තු තුන් ඉරියව්වෙන්ම සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙසත් ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාර්‍යක් ඉටු කළේය.