මේ වසර අවසානය වන විට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක අතිරික්තයක් ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත.

වසර අවසානයේ සහල් මෙට්‍රික් ටොන් 24ක අතිරික්තයක් ලැබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇති බවත් එයින් පරිභෝජනයට යන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ විසි හතරක් පමණක් බවත් අමාත්‍යවරයා සදහන් කර තිබේ.

ඉදිරියේදී අපනයනය කළ හැකි සහල් වර්ග නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමට කාලය පැමිණ තිබෙන බවද ඔහු ප්‍රකාශ කර ඇත.

2022 වසරේදී මෙරටට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ අටක් ආනයනය කළ බවත් ඒ සඳහා ඩොලර් මිලියන 300 ක් වැය කර තිබෙන බවත් හෙතෙම පවසා තිබේ.

2023 වර්ෂයේ දී සහල් ඇටයක්වත් ආනයනය කර නැති අතර ඒ අනුව වී ගොවීන් රටට ඩොලර් මිලියන 300ක් ඉතුරු කර තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සදහන් කර ඇත.