2024 පන්දුවාර 20/20 ලෝක කුසලාන තරඟාවලියේ ජය ඉන්දීය කණ්ඩායම විසින් දිනාගැනීමට මීට සුලු මොහොතකට පෙ​ර සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකු​ණු 176ක් වාර්තා කලේය.. විරාත් කෝලි සිය 20/20 තරඟ ඉතිහාසයේ 38 වැනි අර්ධ ශතකය වාර්තා කරනු ලැබූ අතර අක්සාර් පටෙල් වේගවත් ලකුණු 47ක් රැස් කිරීමට සමත් විය.

177ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී රැස් කිරිම​ට හැකි වූ​යේ කඩුලු 8ක් දැවී ලකුණු 169ක් පමණි. දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ක්වින්ටන් ඩී කොක් ලකුණු 39ක්ද හෙන්රි කාල්සන් ලකුණු 52ක්ද රැස් කිරිමට සම්ත් වුවත් තරඟය ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය.

ඒත් සමග වසර 13කට පසු ලෝක කුසලානයක පහස ලැබීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම අද සමත්විය.