චරිත් අසංලකගේ නායකත්වය යටතේ වසර 27කට පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද සමත්විය.
කොළඹ ආර්.පෙු්මදාස ක්රිකට් ක්රීඩාංගණයේදී අද පැවැති තුන්වැනි එක්දින තරගය ලකුණු 110 කින් ජයගත් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ඉන්දියාවට එරෙහිව තරග තුනකින් යුත් එක්දින තරගාවලිය දෙකට බිංදුවක් ලෙස ජය ගනිමින් අන්තර්ජාතික ක්රිකට් පිටුව අලුත් කිරීමට සමත්විය.
සනත් ජයසුරියගේ පුහුණුකාරිත්වය යටතේ ඉන්දියාවට එරෙහිව පන්දුවාර විස්ස තරගාවලිය පරාජයට පත්වුවද එක්දින තරගාවලියේ පළමු තරගයේ සිට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සිය සාර්ථකත්වය නංවා ගනිමින් තරගාවලියට අවතීර්ණ විය.
අද තරගයේ කාසියේ වාසිය ජයගනිමින් පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක දැවී ලකුණු 248ක් රැස්කළේය. එහිදි ශ්රි ලංකා ඉනිම වෙනුවෙන් අවිශ්ක ප්රනාන්දු ලකුණු 96ක්ද කුසල් මෙන්ඩිස් ලකුණු 59ක්ද පැතුම් නිස්සංක ලකුණු 45ක්ද රැස් කලේය.
පිලිතුරු ඉනිම ක්රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායමට පන්දුවාර 26යි පන්දු 1ක් අවසානයේ ලබාගත හැකි වූයේ ලකුණු 138ක් පමණි. ශ්රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වු යොවුන් ක්රීඩක දුනිත් වෙල්ලාලගෙ ලකුණු 27කට කඩුලු 5ක් දවා ගැනීමට සමත්විය.