ඊයේ (08) දිනයේ පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට තමන් පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් (Arshad Nadeem) සමත් වුණා.

නව ඔලිම්පික් වාර්තාවක් ද සමගින් අර්ෂාඩ් වාර්තා කළ දුර ලෙස සටහන් වූයේ මීටර් 92.97ක්

මෙම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ 27 හැවිරිදි ඉන්දියාවේ වත්මන් ලෝක ශූරයා මෙන්ම හිටපු ඔලිම්පික් ශූරයා ද වන නීරාජ් චොප්රා යි

වසර 32කට පසු පාකිස්තානයට රන් පදක්කමක් ලැබීම නිසා මෙය සුවිශේෂි ජයග්‍රහණයක් ද වනවා

පාකිස්තානයේ පෙර ඔලිම්පික් පදක්කම් අට, පිරිමි හොකීවලින් හයක් ,පිරිමි මල්ලවපොර සහ බොක්සිං වලින් එකක් බැගින් ලෙස ලියවී තිබේ.