වාද්දුව, පොහද්දරමුල්ල වෙරළේ තිබී නාදුනන මළසිරුර​ක් හමුව ඇති බව වාද්දුව පොලීසිය පවසයි.

මියගොස් ඇති පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඇඳ සිටි ටී ෂර්ට් එකෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට පොලීසිය පවසයි.

මිය ගි​ය පුද්ගලයා වයස අවුරුදු 40 – 45ත් අතර වියේ පසුවන අයෙකු බවට පොලීසිය සැක පළ කරයි.

වාද්දුව ස්ථානාධිපති (වැඩ බලන) පොලිස් පරීක්ෂක ගයාන් කහටපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වීමට නියමිතයි