වායු තත්ත්ව දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ වායු දූෂණය ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වායු දූෂණ අඟය 165ක් ලෙස ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ එම අඟය 159ක් ලෙස ද සටහන්ව ඇත.

158 වශයෙන් ගාල්ලේ වායු තත්ත්ව දර්ශකයෙහි අගය සටහන් වන අතර එම දර්ශකයට අනුව කොළඹ වායු දූෂණ අඟය 127ක් ලෙස දැක්වේ.

වායු තත්ත්ව දර්ශකයෙහි අගය 100 ත් 150 ත් අතර අඟයක පවතී නම් එය දරුවන් සහ ශ්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයන් ඇතුළු වයෝවෘද්ධ පුද්ගලයන්ට අවධානම් මට්ටමක් ලෙස සලකයි.