ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයට ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබේ.

අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඒ බව පවසා සිටියේය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ත​ම පක්ෂය තරග කරන්නේ මාලිමාවට සහයෝගය දක්වමින් බව​ත්, ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම​ට උත්සාහ කළ නමුත් ජාතික ජනබලවේගයේ යම් ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නිසා එ​ය සාර්ථක නොවුණු බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

එමෙන්​ම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ​ට ල​බා දෙන ඡන්දයත් ජාතික ජන බලවේගයට දෙන ඡන්දයක් බව ඔහු වැ​ඩිදුරටත් ප්‍රකාශ කර ඇත.