භාණ්ඩ වල වැට් අගය වැඩිකිරීම තමන්ට විශාල පීඩනයක් ගෙන දෙන්නක් බව වෙළද, පාරිභෝගික හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

වැට් බද්ද 18% කින් වැඩිවන විට පාරිභෝගිකයාගේ පැත්තෙන් විශාල වශයෙන් තමාට පීඩනයක් ඇති කරන බවයි ඔහු කියන්නේ. ඒත් මේ අවස්ථාවේ දී රට පවතින තීරණාත්මක අවධිය නිසා හැම දෙකටම වඩා රාජ්‍ය ආදායම වටිනා බව අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

බදු වැඩිවීමක් ගැන අසන්න ලැබුණ සැනින් අතරමැදියන් බඩු මිල විශාල වශයෙන් ඉහල දමන බව කියන අමාත්‍යවරයා පාරිභෝගික අධිකාරිය හා වෙළද අමාත්‍යංශය ඉදිරි සති කිහිපය තුළ මේ ගැන මැදිහත් වීමක් කරන බව අමාත්‍යවරයා පවසනවා.