අලුතෙන් වැට් බද්දට ඇතුළත් වූ සහ 3%ක වැට් බදු අනුපාතය ඉහළ ගිය භාණ්ඩවල මිල මෙතෙක් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

පාරිභෝගික සේවා අධිකාරිය මගින් සිදු කළ සමීක්ෂණ වාර්තාවක් පාරිල්මේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විපක්ෂය අපේක්ෂා කළ ආකාරයේ බරපතල තත්ත්වයක් තවමත් සිදු වී නොමැති බවයි. අලුතෙන් වැට් බද්දට ඇතුළත් වූ පොල්තෙල්, පොල් කිරි, බිත්තර, දුඹුරු සීනි වැනි භාණ්ඩ සුළු මිල වෙනස් වීම පමණක් සිදු ව ඇති අතර වැට් බද්ද 3%කින් ඉහළ ගිය කිරිපිටි, සැමන් සහ අභ්‍යාස පොත් මිල ද නොවෙනස්ව පවතින බවයි.

මේ අතර ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්ම්න්තුව මගින් වැට් බද්ද ඉහළ නැංවීමට සමාජයට සිදු ව ඇති බලපෑම් සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් සිදු කෙරෙමින් පවතින බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ.