පොලිස් පරිපාලන අංශයේ වැඩ බැලීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර තිබෙනවා.

අද (01) රැස් වූ පොලිස් කොමිසම මඟින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

2024.07.17 දින රැස්වූ ජාතික පොලිස් කොමිසමේ සැසි වාරයේදී තීරණය කළ පරිදි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) කටයුතු කළ නිලන්ත ජයවර්ධන මහතා අනිවාර්‍ය නිවාඩු ගැන්වීමෙන් අනතුරුව තාවකාලිකව රාජකාරි ඉටුකිරීම සදහා මෙම පත්කිරීම සිදුකර තිබෙනවා

අදාල නිවේදනය පහතින්