ජවිපෙ නායක අනුර කුමාර දිසානායක තමා විසින් බැඳි පිරිත් නූල ගලවා විසි කළ බව මිහින්තලේ විහාරාධිපති පුජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි ප්‍රකට යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවා ඇත.

අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත් වූ දිනවල තමා බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ මේ සිදුවීම වූ බවයි ධම්මරතන හිමි පවසා ඇත්තේ.

තමන් විසින් ඔහුගේ සුරතේ පිරිත් නූල බැඳ ආවාසයෙන් එළියට බහින මොහොතේම එය ගලවා විසි කර දැමීම තම රියදුරා සහ ගෝල හිමිවරුන් දුටු බවත් මිථ්‍යා දෘෂ්ටිකයන්ට පිරිත් නූල් වලින් පලක් නැති බව තමා තම සිසු හිමිවරුන්ට කියා දුන් බවද ඒ හිමියන් පවසයි.