පෙබරවාරි 14 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහව සෘජුවම හමුවීමට ජනාධිපති කාර්යාලට පැමිණෙන බව මිහින්තලා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පවසා ඇති බව වාර්තා වේ.

ආදරවන්තයින්ගේ දිනයේ දී උන්වහන්සේ පැමිණෙන්නේ ආදර බස් දෙඩවීමට නොව මහජනතාවගේ ගැටලු සාකච්ඡා කිරීමට බවත් පසුගිය දිනවල මෙන් කඳුළු ගෑස් ජල ප්‍රහාර සූදානම් නොකර සාකච්ඡාවකට එන ලෙසත් වැඩි දුරටත් සඳහන් කර ඇත.

රට චිකාගෝවක් බවට පත් කරමින් අධික බදු පනවා ජනතාවට දුක් විඳින තත්ත්වයට පත්කර පාලකයන් සැප විඳින තත්ත්වයක් රට තුළ මතුව ඇති බවද පෙන්වා දුන් උන්වහන්සේ තවදුරටත් සඳහන් කරන්නේ රජයේ නාස්තිකාර වියදම් වහා නවතා ජීවන බරින් මිරිකී සිටින ජනතාවට වහා සහන ලබා දෙන්නත් රටේ ප්‍රධානියාට මේ පිළිබඳ සෘජුව පවසන්නට එය අවස්ථාවක් කරගන්නා බවයි උන්වහන්සේ පවසා ඇත්තේ.