පසුගියදා කුඩා දැරියකට අමානුශික ලෙස පහරදුන් සිද්ධියට අදාලව චමින්ද නම් සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහුගෙන් පහර කෑමට ලක් වූ කුඩා දැරියගේ වීඩියෝ සමාජ ගත කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස්පති ධනපාල ඇතුළු පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිල්ලක් සිදුකර ඇති බව වාර්තා වේ.

මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ ළමා ආරක්ෂණ සන්ධානය විසිනි.

කුඩා දරුවෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගත් අවස්ථාව වීඩියෝ කර ජ්‍යෙෂ්ඨ පොලිස්පති ටී.සී.ඒ ධනපාල නම් නිළධාරියා සිය පෞද්ගලික Facebook ගිණුමේ ප්‍රචාරණය කර තිබුණි.

ලිපියක් යොමු කරමින් ළමා ආරක්ෂණ සන්ධානය සඳහන් කරන්නේ 2022දී පොලිස්පතිවරයාම නිකුත් කළ චක්‍රලේඛයට පිටුපා මෙලෙස ක්‍රියා කර ඇති බවත් වින්දිත දැරියගේ මුහුණ නිවාරණය කිරීම ළමා ආරක්ෂණ ගෝලීය මූලධර්මය උල්ලංඝණය කරන බවත් ය.

එමගින් දිගින් දිගටම ‘රාජ්‍ය රැකවරණයේ සිටින’ වින්දිත දරුවන්ගේ පෞද්ගලිකත්වය සහ රහසිගතභාවය උල්ලංඝනය කරන වගකීම් සහ වගවීම් විරහිත පොලිස් සේවාව කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටී ඇති බව එම සන්ධානය වැඩිදුරත් චෝදනා කර ඇත.

May be an image of 1 person and text