ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස කටයුතු කළ කාලයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් විදුලි අර්බුදයට වගකිව යුත්තේ 2015 සිරිසේන-රනිල් රජය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසා සිටියා

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ රැළියකට එක්වෙමින් මේ බව පවසා සිටියා

2015 රජය උමාඔය සහ සාම්පූර් බල ව්‍යාපෘති දෙකම අත්හිටවූ බවද එසේ නොකර එම උමා ඔය ව්‍යාපෘතිය සහ සාම්පූර් විදුලි ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක කළේ නම් 2022 දී ශ්‍රී ලංකාවට විදුලි අර්බුදය ඇති නොවන බවට ඔහු චෝදනා කරයි

කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රජයක් යටතේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට ගෙන යන බවත් එක්සත් ශ්‍රී ලංකාවක් සහතික කරන බවත් ඔහු යළි අවධාරණය කර සිටියා .