විශේෂඥයින්ගේ සහාය ඇතිව මෙරට විදෙස් ගත ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ජාතික විදේශ රැකියා ප්‍රතිපත්තියක් සකස් කර එය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත්, ඊට සමගාමීව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ පනත ද පූර්ණ සංශෝධනයකට ලක්කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවත් විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අදහස් පල කලේය.

2022 වර්ෂයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශයේ වගකීම් භාරදෙන විට ලබාදුන් වාර්ෂිකව මිලියන 7000ක විදේශ ප්‍රේෂණ ගෙන්වා ගැනීමේ ඉලක්කය, මෙම වසරේදීම ළඟා කර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාසය තැබිය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් පල කරමින් කියා සිටියේය.