මෙම වසරේ ජූලි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 566.8ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2024 වසරේ ජනවාරි – ජූලි කාල සීමාව තුළ දී ඩොලර් බිලියන 3.71ක් මෙරටට ලැබී තිබෙන අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 10.3%ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසා සිටියි