අමෙරිකානු ටෙනිස් ශූරී වීනස් විලියම්ස් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියේ පළමු තරයෙන්ම ඉවතට විසි විය. ඒ ඇයගේ පළමු තරගයේදීම යුක්‍රේනයේ එලිනා ස්විටෝලිනා හමුවේ පරාජය වීම හේතුවෙනි.

තරඟයේ අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ 6-4ක් සහ 6-3ක් වශයෙනි.

වීනස් විලියම්ස් විම්බල්ඩන් ශූරතා 05ක් හිමිකරගෙන සිටී. ඒ 2000, 2001, 2005, 2007, 2008 යන වසරවලදීය. එමෙන්ම ඇය විම්බල්ඩන් යුගල ශූරතා 06කට හිමිකම් කියයි. ඒ 2000, 2002, 2008, 2009, 2012, 2016 යන වසරවලදී විම්බල්ඩන් යුගල ශූරතා දිනාගනිමිනි.

මීට අමතරව තවත් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 10ක් ඇය දිනාගෙන තිබේ.