වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන වාරි ජලාශ 73 ක ජල ධාරිතාව 29 % දක්වා පහත බැස තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා ඇත.

අනුරාධපුර, හුරුලුවැව සහ නාච්චාදුව යටතේ ඇති වී වගාවන් සඳහා තවත් ජල මුර කිහිපයක් ලබාදිය යුතු බවයි එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ සුදර්ශනි විදානපතිරණ මහත්මිය සඳහන් කර තිබේ.

මේ අතර වියළි කාලගුණයෙන් දිවයින පුරා කුඹුරු අක්කර කට ප්‍රමාණයක් විනාශ වී ඇති බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසා ඇත.

වැඩිම වගා හානියක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි එහි සභාපති මද්දුම බණ්ඩාර වීරසේකර මහතා සඳහන් කර තිබේ.

එම ප්‍රමාණය අක්කර 16,000 ක් පමණ වන බවයි වාර්තා වේ.

මේ දිනවල වලව ප්‍රදේශයට නිලධාරී කණ්ඩායමක් යවා එහි වගා හානි තක්සේරු කරමින් සිටින බව ද මද්දුම බණ්ඩාර වීරසේකර මහතා සඳහන් කර ඇත.