අද (22) සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් විරෝධතාවක් පැවැත්වීමට සූදානම් කර තිබෙනවා

එම විරෝධතාව සෞඛ්‍ය අමාත්‍යංශය අවට මාර්ගවල ගමනාගමනය අවහිර වන පරිදි වාහන වලට සහ මහජනතාවට බාධාකාරී වන ලෙස පැවැත්වීමට කටයුතු කරන බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම විරෝධතාවය වැළැක්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස මරදාන පොලීසියේ ස්ථානාධිපති ඉල්ලීමක් කර තිබෙනවා

ඒ අනුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ විරෝධතාව වැළැක්වීම සඳහා නියෝගයක් නිකුත් කර තිබෙනවා

අද දින පෙරවරු 10 සිට රාත්‍රී 9 දක්වා සෞඛ්‍ය අමාත්‍යංශය අවට ඒකරාශී වී අවට ඇති මහා මාර්ගය, පදික වේදිකා භාවිත කළ නොහැකි ලෙස අවහිර කරමින් සිදුකරන උද්ඝෝෂණ සහ සෞඛ්‍ය අමාත්‍යංශය ට ඇතුළු වීම වළක්වාලමින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත්කර තිබෙනවා

ඊට අදාළ මාධ්‍ය නිවේදනය පහතින්,