ත්‍රිකුණාමලය විල්ගම් වෙහෙර රජ මහා විහාරයේ චෛත්‍ය සහ කොඩ් බැම්ම මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ,සංරක්ෂණය කර යළි පිළිසකර කිරීමට කටයුතු කර තිබේ.

මෙම විහාරස්ථානය පරිශ්‍රය ආශ්‍රීතව පවතින නටඹුන් කැණීම් කර සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බවත්,ඒ සම්බන්ධව අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් සිදු කර ඇත.