අද (15) සිට සේවයට වාර්තා කිරීමට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් තීරණය කර තිබෙනවා

සිය ඉල්ලීම් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා

මේ අතර සිය ඉල්ලීම් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර විසඳුම් ලබා දෙන බවට ප්‍රවාහන අමාත්‍යවරයා ලබා දුන් පොරොන්දුව අද දිනයේ දී ඉටු නොකළහොත් යළිත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් සිය සංගමය හෙට (16) දිනයේදී රැස්වී අවසන් තීරණය ගන්නා බවය.