මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගතවු පැය 24 කාලය තුළ දිවයින පුරා සිදුකරන ලද යුක්තිය විශේෂ මෙහෙයුම්වලදී සැකකරුවන් 2121ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසා ඇත.

එම පිරිසෙන් සැකකරුවන් 12 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත විමර්ශන සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකල ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව ප්‍රකාශ කර තිබේ.

එසේම සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතරල පුනරුත්ථාපනය සඳහා පුද්ගලයන් 133 දෙනෙකු යොමු කර ඇති බව ද පොලීසිය සඳහන් කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 116 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන ගත් බව පොලීසිය පවසා තිබේ.