මෙම වසරේ ජුනි මාසයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලානය සඳහා එක් එක් කණ්ඩායම් කාණ්ඩ සඳහා බෙදා වෙන් කර ඇති ආකාරය The Telegraph මගින් හෙළිදරව් කර තිබේ. කෙසේ නමුත් අයි.සී.සී.ය මගින් නිල වශයෙන් මෙය ප්‍රකාශ කර නොමැති බැවින් මෙම කාණ්ඩ වෙන් කිරීම වෙනස්විය හැකිය.

ඒ අනුව එක් කාණ්ඩයකට කණ්ඩායම් පහ බැගින් කාණ්ඩ හතරක් යටතේ කණ්ඩායම් 20ක් මූලික වටයේදී තරග වැදීමට නියමිතය.

මූලික වටයේ තරඟවලදී එක් එක් කාණ්ඩයේ පළමු ස්ථාන දෙකට පැමිණෙන කණ්ඩායම් සුපිරි කණ්ඩායම් 08 වටයට සුදුසුකම් ලබා ගනී.

ලෝක කුසලානයේ මූලික වටයේදී ශ්‍රී ලංකාව D කාණ්ඩය නියෝජනය කරමින් තරග වැදීමට නියමිත අතර, එහිදී ඔවුන්ට දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ නේපාලය යන කණ්ඩායම් මුණ ගැසීමට නියමිතය.

මූලික වටය:

A කාණ්ඩය
ඉන්දියාව
පාකිස්තානය
අයර්ලන්තය
කැනඩාව
ඇමෙරිකා එක්සත් ජනපදය

B කාණ්ඩය
එංගලන්තය
ඔස්ට්‍රේලියාව
නැමීබියාව
ස්කොට්ලන්තය
ඕමානය

C කාණ්ඩය
නවසීලන්තය
බටහිර ඉන්දීය කොදෙව්
ඇෆ්ගනිස්තානය
උගන්ඩාව
පැපුවා නිව්ගිනියාව

D කාණ්ඩය
දකුණු අප්‍රිකාව
ශ්‍රී ලංකාව
බංග්ලාදේශය
නෙදර්ලන්තය
නේපාලය