ඊයේ (14) දින වෙඩි ප්‍රහාරයකට ලක්වූ ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමුළුවක් ඇමතීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

ඒ අනුව අද ඇමතීමට නියමිත විස්කොන්සින් ප්‍රාන්තයේ මිලවොකී ප්‍රදේශයේ පැවැත්වෙන රිපබ්ලිකන් පක්ෂ සමුළුව සඳහා පක්ෂ නියෝජිතයින් දෙදහසකට අධික පිරිසක් සහභාගි වීමට නියමිත බව සදහන්

ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙනිසිල්වේනියාවේ, බට්ලර් හිදී මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතන අතරතුරදී ඊයේ වෙඩි ප්‍රහාරයකට ලක් වුණා .

එහිදී ඔහුගේ කණට තුවාල සිදුව තිබූ අතර, රැළියට එක්ව සිටි පාක්ෂිකයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලැබුවා.

කෙසේ නමුත් එම වෙඩි ප්‍රහාරයෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේ එක්සත්ව සිටින ලෙසයි