වෙනිසියුලාවේ ජනාධිපතිවරණයෙන් පරාජයට පත් එරට විපක්ෂ නායක එඩ්මුන්ඩෝ ගොන්සාල්වේස් රට අත්හැර දේශපාලන සරණාගතභාවය පතා ස්පාඤ්ඤයට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වෙනිසියුලාවේ උප ජනාධිපතිවරයා පවසා ඇත්තේ රටින් පිටවීම සඳහා විපක්ෂ නායකවරයාට අවශ්‍ය සියලුම කටයුතු සම්පාදනය කිරීමට රජය පියවර ගත් බවයි

ජූලි මස පැවති වෙනිසියුලා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අසත්‍ය බවට සහ මැතිවරණය තමන් ජයගත් බවට එඩ්මුන්ඩෝ ගොන්සාල්වේස් රජයට චෝදනා කළත් රජයේ පාලනය යටතේ පවතින ජාතික මැතිවරණ කවුන්සිලය නිවේදනය කළේ නිකලස් මදුරෝ ජනාධිපතිවරණය ජයගත් බවයි.

ඒ අනුව ගොන්සාල්වේස් අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කළේ ඔහු රජයට එල්ල කළ චෝදනා සැලකිල්ලට ගනිමින්.

ජනාධිපතිවරණයෙන් පසුව වෙනිසියුලාවේ දේශපාලනික අර්බුදයක් උද්ගතව ඇති අතර අමෙරිකාව, යුරෝපා සංගම, ඇතුළු ලතින් අමෙරිකානු රටවල් රැසක් ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව බ්‍රසීලය, කොලොම්බියාව සහ මෙක්සිකෝව යන රටවල් සමග වෙනිසියුලාවේ පවතින සබඳතාව බිඳ වැටී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.