මෙර​ට වෙළෙඳපොළේ බිත්තර මිලරුපියල් 55 – 60 අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස බිත්තර මිල ඉහළ යාමට ගංවතුර තත්වය හේතු වූ බවයි වෙළෙදුන් පවසා සිටින්නෙ

ඒ අනු​ව  රතු බිත්තරයක මිල රුපියල් 50ක් සහ සුදු බිත්තරයක මිල රුපියල් 49ක් දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසයි

අතිරික්ත බිත්තර නිෂ්පාදනයක් වෙළෙඳපොළට පැමිණීම හේතුවෙන් ඉදිරියේදී බිත්තර මිල තවත් පහළ යනු ඇති බව​ට  ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළද එවන් පසුබිමක අද බිත්තර මිල යළි ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් මෙන්ම වෙළෙඳුන් ද චෝදනා කරයි.