ඉන්දියාවේ සත්වික්සයිරාජ් රන්කිරෙඩ්ඩි වේගවත්ම බැඩ්මින්ටන් පහරේ ගිනස් වාර්තාව තමන් සතු කර ගැනීමට සමත් විය. ඒ පැයට කිලෝමීටර් 565ක වේගයකින් ප්රහාරයක් එල්ල කරමිනි. මේ අනුව වසර 10ක් පැරණි ගිනස් ලෝක වාර්තාව මෙලෙස බිඳ වැටිණි.
මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ හිටපු ආසියානු යුගල ශූරයෙකු වන මැලේසියානු ක්රීඩක ටැන් බූන් හියොන්ග්ය. ඔහු 2013 වසරේදී පැයට කිලෝමීටර 493ක වේගයකින් ප්රහාර එල්ල කරමින් අදාළ ගිනස් ලෝක වාර්තාව පිහිටුවා තිබිණි.
මෙහි කාන්තා වාර්තාව සතුවන්නේ පැයට කිලෝමීටර 438ක වේගයකින් ප්රහාර එල්ල කළ මැලේසියාවේ පීලි ටෑන්ටය 
