සියලු දිස්ත්‍රික් ආවරණය කරමින් අද (03) දහවල් 12.00 සිට 2.00 දක්වා රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ සහ විරෝධතා මාලාවක් පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවයන් ක්‍රියාත්මක බව සදහන්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල, මාතර දිස්ත්‍රික් මහ රෝහල, තංගල්ල මූලික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණ සහ විරෝධතා සිදු කෙරෙනු ඇති.

කුරුණෑගල ශික්ෂණ රෝහල, හලාවත දිස්ත්‍රික් මහ රෝහල සහ බදුල්ල ශික්ෂණ රෝහල ඉදිරියේ දී විරෝධතා පැවැත්වෙන බවයි, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කළේ.

මොණරාගල රෝහල, අම්පාර මහා රෝහල, කල්මුනේ අශ්රෆ් අනුස්මරණ රෝහල, කන්තලේ මූලික රෝහල සහ මඩකලපුව මූලික රෝහල ඉදිරිපිට ද විරෝධතා පැවැත්වීමට නියමිතයි.

යාපනය ශික්ෂණ රෝහල, වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල, කෑගල්ල මහ රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල සහ අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට ද විරෝධතා පැවැත්වෙනවා.

පොළොන්නරුව මහ රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, මාතලේ දිස්ත්‍රික් මහ රෝහල සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල ඉදිරිපිට ද වෛද්‍යවරුන් උද්ඝෝෂණ පැවැත්වීමට සැලැසුම් කර තිබෙනවා.

එමෙන්ම බස්නිහාර පළාතේ උද්ඝෝෂණ සහ විරෝධතා මාලාව පැවැත්වෙන්නේ, බ්‍රහස්පතින්දා (05) දිනයේයි.