1977 වසරේ වොයේජර් 1 යානය අභ්‍යවකාශ ගත කර තිබුණේ බ්‍රහස්පති සහ සෙනසුරු සමීප ව අධ්‍යයනය කරමින් වසර පහක කාලයක් ක්‍රියාකාරීව කටයුතු කිරීමට වන අතර වසර 46ක් පැරණි මෙම යානය විකාරරූපී සහ අර්ථ විරහිත දත්ත සම්ප්‍රේෂණය කිරීම පටන්ගනු ලැබුවේ පසුගිය නොවැම්බර් මාසයේ සිටයි.

දෝශයක් හේතුවෙන් යානය සමග තිබු සබදතා ගිලිහි ගිය අතර අප්‍රේල් 20 වැනි දා යානයේ ප්‍රතිචාරය ලැබුණු පසු සිය දෝෂ නිරාකරණ මෙහෙයුම සාර්ථක වී ඇති බවටයි නාසා ඉංජිනේරුවන් සහතික කරගනු ලැබුවේ.

ඒ අනුව පෘථිවියේ සිට වැඩිම දුරකින් ඇති වොයේජර් 1 යානය නැවත වතාවක් පෘථිවිය සමඟ සබඳතා අරඹා තිබෙනවා.

ඒ අනුව විද්‍යාඥයින් විසින් දෝෂ නිරාකරණ කේතය පසුගිය අප්‍රේල් 18 වැනි දා උඩුගත කළ අතර, එය පෘථිවියේ සිට වොයේජර් වෙත ළඟා වීමට පැය 22 කුත් විනාඩි 30ක කාලයක් ගතවී තිබුණා.

වොයේජර් 1 හි සිට එන ප්‍රතිචාරය මෙහි ළඟා වීමට තවත් එවැනි ම කාලයක් වැයවී ඇති බව සඳහන්.

ඒ අනුව අප්‍රේල් 20 වැනි දා යානයේ ප්‍රතිචාරය ලැබුණු පසු සිය දෝෂ නිරාකරණ මෙහෙයුම සාර්ථක වී ඇති බවටයි නාසා ඉංජිනේරුවන් සහතික කරගනු ලැබුවේ.

කෙසේවෙතත් සක්‍රියව පවතින එම යානය මේ වන විටත් පැයට කිලෝමීටර 60,821 වේගයෙන්න් ඈතට ඇදී යමින් පවතිනවා.