ඩේවිඩ් වෝනර් සහභාගි වන අවසන් ජාත්‍යයන්තර ටෙස්ට් තරගය අද සිඩ්නි ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. මෙම තරගය පාකිස්තාන කණ්ඩායමේ ඔ්ස්ට්‍රේලියා තරග සංචාරයේ 03වැනි සහ අවසන් ටෙස්ට් තරගයයි. තරගාවලියේ පළමු තරග දෙකම ඔස්ට්‍රේලියාව ජයගෙන ඔවුන් තරගාලියේ ජය හිමිකරගෙන සිටී.

ඩේවිඩ් වෝනර් මේ වනවිට ටෙස්ට් තරග 111කට සහභාගි වෙමින් ඉනිම් 203කදී ලකුණු 8695 රැස්කරගෙන සිටී. ඊට ශතක 26 සහ අර්ධ ශතක 36ක් ඇතුළත්ය.

වෝනර්ගේ අවසන් ටෙස්ට් තරගයේ සමාරම්භයට ඔහුගේ දරුවන් තිදෙනා ඇතුළු පවුගේ සමාජිකයන් පැමිණ සිටියහ.