ඔස්ට්‍රේලියා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර්ගේ ටෙස්ට් තොප්පිය හෙවත් ‘බැගී ග්‍රීන්’ කොළ පැහැති කැප් තොප්පිය හමුවී තිබේ. ඒ ඔහු නවාතැන් ගෙන සිටින සිඩ්නි හෝටලයේ තිබියදීය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගැනීමේදී පිරිනමනු ලබන ටෙස්ට් තොප්පිය වෝනර්, මෙල්බර්න්හි පැවැති ටෙස්ට් තරගයෙන් පසු සිඩ්නි නුවර වෙත ගුවන් ගමන අතරවාරයේ දී බෑගයෙන් කිසියම් අයෙකු සොරාගෙන ඇති බව මීට පෙර වාර්තා විය.