ජනප්‍රිය කොලොම්බියානු පොප් ගායිකා ශකිරාගේ දැවැන්ත ලෝකඩ ප්‍රතිමාවක් ඇයගේ උපන් ගම වන Barranquilla හි නිර්මාණය කිරීමට එම නගරයේ පාලනාධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වනවා. මීටර් 6.5 (අඩි 21.3) ක උසින් යුතු එම ප්‍රතිමාවෙන් ඇයගේ ඉතා ජනප්‍රිය ගීතයක් වන Hips Don’t Lie හි නර්තන ඉරියව්වක් නිරූපණය කෙරෙනවා.

පසුගිය අඟහරුවාදා ප්‍රතිමාව නිරාවරණය කිරීම සඳහා පැවති උත්සවය සඳහා ශකීරාගේ දෙමාපියන් වන William Mebarak සහ Nidia Ripoll මෙන්ම Barranquilla හි නගරාධිපතිවරයා ද සහභාගී වුණා.

මෙම ප්‍රතිමාව නිර්මාණය කළ මූර්ති ශිල්පී Yino Márquez සහ ඔහුගේ සිසුන් ගේ කලා හැකියාව වෙනුවෙන් ශකිරා සිය ස්තුතිය පළ කර ඇති අතර, සිය උපන් ගමෙන් සිදුකළ මෙම ගෞරවය පිළිබඳව තමා ඉතා සතුටට පත් වන බවත් ඇයගේ Instagram ගිණුමෙහි සඳහන් කර තිබුණා.

The statue of Colombian singer Shakira stands at the Gran Malecon de Barranquilla, in Barranquilla, Colombia, December 27, 2023. REUTERS/Carlos Parra Rios NO RESALES. NO ARCHIVES.