කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය, කොළ​ඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ අත්සනින් නිකුත් කොට ඇති මෙම ගැසට් නිවේදනය අනුව ජනමාධ්‍ය, භාෂා, පරිගණක සහ ​ප්‍රසංග කලා අධ්‍යනය අංශ වලින් සමන්විත ජනමාධ්‍ය ​පීඨය ලෙස ශ්‍රීපාලි මණ්ඩපය පත් කොට තිබෙනවා.

මෙම ගැසට් නිවේදනය නිකුත්කර තිබෙන්නේ 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 22වන වගන්ති ප්‍රකාරව පැවැරී ඇති බලතල අනුව‍‍‍‍‍යි.