ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මහතා පත්කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (11) පස්වරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකර මහතා එම තනතුරෙන් ඉවත් වීම පිළිබඳ මධ්‍යම කාරක සභාව නිල වශයෙන් දැනුවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව දැනුවත් කිරීම සඳහා එම හමුව පවත්වා තිබේ.