සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රි ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායම අතර දෙවෙනි එක්දින තරඟය අද පැවැත්විය.

එහිදී දෙවන එක්දින තරඟයෙන් කාන්තා කොදෙව් කණ්ඩායමට එරෙහිව කඩුලු 05 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. ඒත් සමග තවත් තරඟයක් ඉතිරිව තිබියදී එක්දින තරඟාවලිය 2-0 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත්විය.

තරගයේ පලමුව පන්දුවට පහරදුන් කොදෙව් කාන්තා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 92ක් පමණි. එහිදි ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ කවීශා දිල්හාරි කඩුලු හතරක් දවාගනිමින් කොදෙව් ඉනිම සුනු විසුණු කරන්නට සමත්විය.

පිලිතුර ඉනිම ක්‍රීඩා කිරිමට පිටියට පැමිණි ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 21යි පන්දු 2ක් අවසානයෙ නියමිත ඉලක්කය පසුකර යෑමට සමත් විය. එහිදි විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කල විශ්මි ගුණරත්න පන්දු 50ක් තුල ලකුණු 50ක් රැස් කිරිමට සමත් වූ අතර කවීශා දිල්හාරි පිත්තෙන්ද දස්කම් දක්වමින් ලකුණු 28 ක් රැස් කිරිමට සමත් විය.

දෙරට අතර පලමු එක්දින තරගය පසුගිය 15 වෙනිදා පැවැත්වුණු අතර එයද කඩුලු හයකින් විශිෂ්ට ලෙස ජයගැනීමට ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්කම් දැක්විය.