අද (16) අලුයම යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දියේදී සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ කාවන්තිස්ස පුර, ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක් .

මෙම වෙඩිතැබීම සඳහා T56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත

සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.