ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයක් හදිසියේම මෙල්බර්න් ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා ඇති බවට වාර්තා වේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම යානය මෙලෙස ගොඩබස්වා ඇති බවයි.

සියලු මගීන් සුරක්ෂිතව ඉන් පිටතට පැමිණ ඇති බවත් තාක්ෂණික කණ්ඩායමක් යානය පරීක්ෂාවට ලක්කරමින් සිටින බවත්, ගුවන් යානය නැවත පිටත්වනතුරු මගීන්ට අවශ්‍ය හෝටල් නවාතැන් පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඪි දුරටත් සඳහන් කරයි.