ආසියානු ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේදී පදක්කම් 05ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායම සමත් විය.

වියට්නාමයේ ඩා නැංග් නුවර ටියැන් සාන් ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මෙම තරගාවලියේදී රන් පදක්කම් 02ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

හිටපු ජාතික ශූරියක වන රේණු චන්ද්‍රිකා ද සිල්වා අවුරුදු 45න් ඉහළ කාන්තා ඒකල තරග ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර, රොහාන් ද සිල්වා සමග එක්ව ක්‍රීඩා කරමින් මිශ්‍ර යුගල ඉසව්වේද රන් පදක්කමද දිනා ගනු ලැබීය.

මංජුල සම්පත් ප්‍රනාන්දු අවුරුදු 45න් ඉහළ පිරිමි ඒකල තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් අතර, අවුරුදු 65න් ඉහළ කාන්තා ඒකල තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ලක්ෂ්මි පුංචිහේවා සමත් වූවාය.

ඇය රේණු චන්ද්‍රිකා ද සිල්වා සමග එක්ව කාන්තා යුගල තරග අංශයේ ලෝකඩ පදක්කමද දිනා ගැනීමට සමත් විය.