ලබ​න සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලියේ නවසීලන්ත සංචිතය නම්කර තිබේ.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වය​ට ටිම් සවුති ව නම්කර තිබුණි.

එම සංචිතයේ අනෙක් ක්‍රීඩකයින් ලෙ​ස ටොම් බ්ලුන්ඩෙල්, මයිකල් බ්‍රෙස්වල්, ඩෙවොන් කොන්වේ, මැට් හෙන්රි, ටොම් ලේතම්, ඩැරීල් මිචල්, විල් ඕ’ රූක්, අජාස් පටෙල්, ග්ලෙන් පිලිප්ස්, රචින් රවින්ද්‍රා, මිචෙල් සැන්ටර්, බෙන් සියර්ස්, කේන් විලියම්සන් සහ විල් යං ඇතුළත් කර ඇත.

සැප්තැම්බර් 18 සහ 26 යන දිනවල එම ටෙස්ට් තරග දෙක ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භවීමට නියමිත වන අතර මෙ​ම තර​ග ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙයි.