එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 175ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 06ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 355කි.

එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 78ක්, සධීර සමරවික්‍රම ලකුණු 73 ක්, පැතුම් නිස්සංක ලකුණු 57ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 52ක් රැස් කළහ.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 356ක ඉලක්කයක් හඹා ගිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට පන්දුවාර 39ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 180ක් පමණි.

පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 6ක් බිඳහෙළීය. ඒ අනුව තරගයේ වීරයා සම්මානයද වනිඳු හසරංගට හිමි විය.