1972 – 1975 කාල සීමාව තුළ විකාශය කෙරුණු ජනප්‍රිය Kung Fu රූපවාහිනී කතාමාලාව ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කෙරෙන බව වාර්තා වනවා. ශ්‍රී ලංකාවේ ද අතිශය ජනප්‍රිය වූ එක ටෙලි කතා මාලාවේ David Carradine විසින් නිරූපණය කළ ප්‍රධාන චරිතය (Kwai Chang Caine) Ip Man චිත්‍රපට මාලාවේ Ip Man චරිතය රඟදැක්වූ Donnie Yen විසින් නිරූපණය කිරීමට නියමිතයි.

 

Deadpool 2, Bullet Train සහ Hobbs and Shaw චිත්‍රපට අධ්‍යක්ෂණය කල David Leitch ගේ අධ්‍යක්ෂණයෙන්, John Wick, Nobody, Bullet Train වැනි චිත්‍රපට නිශ්පාදනය කල 87North සමාගම සමග Universal Pictures සමාගමේ නිශ්පාදනයක් ලෙසින් මෙම චිත්‍රපටය නිකුත් වීමට නියමිතයි.