ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ ග්‍රේෂන් ධනංජය ස්විට්සර්ලන්තයේදී අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

මෙම තරග සංචාරය පෞද්ගලික ආරාධනාවක් මත් සිදු කෙරුණු සංචාරයක් බැවින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මේ සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නොදරන බව සඳහන් කර තිබේ.

මෙම සංචාරය සඳහා ග්‍රේෂන් ධනංජයට අමතරව ශ්‍රී ලංකාවේ දුර පැනීමේ ශූරියක වන සාරංගි ද සිල්වා සහ ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වන වයි.කේ. කුලරත්න ද සහභාගි වී ඇත.

ග්‍රේෂන් ධනංජය තුන් පිම්ම පිරිමි ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකරු වන මෙන්ම ශ්‍රී ලංකාවේ දුර පැනීමේ ජාතික ශූරයාද වේ.

කවිඳු කාරියවසම්