ශ්‍රී ලංකාවේ මීළඟ ඇමෙරිකානු තනාපතිනිය ලෙස නම් කර ඇත්තේ එළිසබෙත් හොස්ට් මහත්මියයි.

කෙසේ වෙතත් ඇගේ පත්වීම පිළිනොගන්නා ලෙස උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලීමක් කරයි.

එයට හේතු වශයෙන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළේ , ඇමෙරිකාවේ විදේශ කටයුතු පිළිබඳ සෙනට් කාරක සභාවේ සභිකයින් එළිසබෙත් හොස්ට් මහත්මියට යොමුකළ ප්‍රශ්න වලට ඇය ලබාදුන් පිළිතුරු මෙරටට අහිතකර තත්ත්වයක් නිර්මාණය කරනු ඇති බවයි

ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලිය, ජාත්‍යතියන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යාම, මෙරට විදේශ ප්‍රතිපත්තිය, විදෙස් නෞකා හා වරායන් සම්බන්ධ කරුණු ඇතුළු රජය සමග නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වු අදහස් රැසක් එළිසබෙත් හොස්ට් මහත්මිය සෙනට් කාරක සභාව ඉදිරියේ ප්‍රකාශ කර ඇති බව සඳහන් ය.

ඇයගේ මෙම කරුණු දැක්වීම සම්බන්ධයෙන් කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා මේ පිළිබද පවසා සිටියා.