ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගයෙන් කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46.4කදී සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 171ක් පමණි. එහිදී කුසල් ජනිත් පෙරේරා පන්දු 28කදී ලකුණු 51ක් සහ මහීෂ් තීක්ෂණ ලකුණු 39ක් රැස් කළහ.

පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 03ක් බිඳහෙළීය.

අනතුරුව ලකුණු 172ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 23.2ක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 172ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය.