නේෂන්ස් කුසලාන දැල්පන්දු තරගාවලියේ තෙවැනි දිනයේ තරග ලෙස අද පැවැති කුක් දූපත් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ලකුණු 62-52ක් ලෙස ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම තගය සිංගප්පූරුවේ OCBC Arena ක්‍රීඩාගාරයේදී පැවැත්විණි.

තරගයේ පළමු අර්ධය නිමාවනවිට ශ්‍රී ලංකාව ලකුණු 31-26ක් ලෙස පෙරමුණ ගෙන සිටි අතර, ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි කාර්තුව නිමා කළේ ලකුණු 17-10ක් වශයෙනි.

ඒ අනුව කාර්තු 03ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වූයේ 48-36ක් වශයෙන් ශ්‍රී ලංකාව පෙරමුණේ තබමිනි. සිව්වැනි කාර්තුවේ ලකුණු තත්ත්වය දැක්වුණේ 14-16ක් වශයෙනි. තරගය අවසාන වනවිට ලකුණු 62-52ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය.