අද (30) සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අවසන් පන්දුවාර 20යි විස්ස තරගය පැවැත්වෙනවා.

ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී

අද රාත්‍රී 7.00ට තරගය ආරම්භ වීමට නියමිතයි

මේ වන විට තරගාවලියේ 2-0ක් ලෙස ඉන්දියානුවන් ජයගෙන ඇති අතර, අද පැවැත්වෙන තරගයත් ඔවුන් ජයගත හොත් තරග තුනකින් යුතු විස්සයි විස්ස තරගාවලියක් පූර්ණ වශයෙන් ශ්‍රී ලංකාවේ දී ජය ගන්නා පළමු අවස්ථාව ලෙස මෙම තරගාවලිය ඉතිහාසගත වීමට නියමිත වනවා.